යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 18, 2024

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර අද (සැප් 18) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව නිලධාරීන් දෙදෙනා අතර, පැවති සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරල් නානායක්කාර හට ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් සුභාසිංසන එක් කරන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර, සාකච්ඡාව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලදි.