සයිබර් අපරාධ මධ්‍යස්ථානය වෙත තැනැත්තන් වෙළෙඳාම් කිරීම සම්බන්ධව
තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු ඇඟවීම

සැප්තැම්බර් 19, 2024

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු වලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම් හී වැඩිවීමක් පිළිබඳව මහජනතාවට අනතුරු අඟවයි. විදේශයන්හි ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්‍ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මිනිස් වෙළෙඳාම් සිදු කරන්නන් විසින් මෙය සිදු කරනු ලබන බවට කරුණු අවධාරණය කෙරේ.

තැනැත්තන් වෙළෙඳාමේ නියුතු පුද්ගලයින් තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් රැකියා සදහා තරුණ ශ්‍රමිකයින් ආකර්ෂණය කරගනු ලබයි. පසුව ඔවුන්ව රැකියා සම්මුඛ පරීක්‍ෂණයන්ට සහභාගී කරන මුවාවෙන් ඩුබායි වැනි රටවලට රැගෙන ගොස් දේශසීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සදහා බලහත්කාරයෙන් යොමුකරනු ලබයි. මෙම සයිබර් අපරාධ කඳවුරු වලදී ඔවුන්ව ම්ලේච්ඡ ශාරීරික මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම්වලට පවා මුහුණ දීමට සිදුව ඇති බව මෑත කාලීන විමර්ශන මගින් අනාවරණය විය.

"නීතිවිරෝධී සංක්‍රමණ මාර්ග භාවිතා කිරීම දැඩි ලෙස අවධානම් අතර මෙය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත උල්ලංඝනය කරන බැවින්, රැකියා අපේක්‍ෂකයින් සංචාරක වීසා මත ගමන් කිරීම නොකල යුතුය." තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය මෙය තවදුරටත් අවධාරණය කරයි.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය මහජනතාවගෙන් පහත සහයෝගය අපේක්‍ෂා කෙරේ:
•       බලයලත් ආයතන හරහා ආරක්‍ෂිත, නීත්‍යානුකූල සංක්‍රමණ ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කරන්න.
•       සුපරීක්‍ෂාකාරීව සිටින්න, සැක කටයුතු මිනිස් වෙළඳාම් පිළිබද වාර්තා කරන්න
•       සූරාකෑම් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්‍ෂා කරන්න.

සැක කටයුතු තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ ක්‍රියාකාරකම් වාර්තා කිරීම සදහා තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය අමතන්න
•    0112102570/ 076 844 7700
•    nahttfsrilanka@gmail.com

ඔබේ සුපරීක්‍ෂාකාරීත්වය මෙම භයානක අපරාධකරුවන්ගේ ජාලයන් මර්ධනයට සහ ජීවිත බේරා ගැනීමට උපකාරී වේ. තොරතුරු ලබාදෙනු ලබන ඔබගේ රහස්‍ය භාවය ආරක්‍ෂා කිරීමට අප බැඳී සිටින්නෙමු.