තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය - 2024 හීදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් හට රන් සහ රිදී පදක්කම්

සැප්තැම්බර් 25, 2024

2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් දෙදෙනෙකු රන් හා රිදී පදක්කමක් දිනා ගත්හ. ගුවන් හමුදා සැරයන් දර්මවර්ධන කිලෝග්‍රෑම් 73 න් පහළ බර පන්තියේ රන් පදක්කම දිනාගත් අතර, කෝප්‍රල් අබේසිංහ කිලෝග්‍රෑම් 100 න් පහළ බර පන්තියේ රිදී පදක්කම දිනාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

ශූරතා තරඟය තායිලන්තයේ Chonburi, හිදී පසුගිය සැප්තැම්බර් 21 සහ 22 දිනවල දී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිමි ක්‍රීඩකයින් 11 ක් සහ කාන්තා ක්‍රීඩකයින් 3 ක් ඇතුළත් විය. කොරියාව, ජපානය, ප්‍රංශය, චීනය, මැලේසියාව සහ සිංගප්පූරුව ඇතුළු තවත් රටවල් 16 ක කණ්ඩායම් මෙවර ශූරතාවලියට සහභාගි වූහ.