මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සර උත්සවයට
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි

සැප්තැම්බර් 26, 2024

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ඊයේ (සැප් 25) දින සන්ධ්‍යාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති උත්සවයට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමා සහභාගි විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු Qi Zhenhong මැතිතුමා විසින් උත්සව සභාවට පැමිණි සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.