ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ
17 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ඇරඹේ

සැප්තැම්බර් 26, 2024

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 17 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද (සැප් 26) දින එම විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

මෙම වසරේ පර්යේෂණ සමුළුව, "Unravelling the Paradigm Shift: Revolutions in the Era of AI" යන කාලීන තේමාව ඔස්සේ පවත්වනු ලබයි.

අඛණ්ඩව 17 වන වරටත් පැවැත්වෙන මෙවර පර්යේෂණ සමුළුවේ (සැප්. 26 සහ 27 දෙදින) සමාරම්භක සැසිවාරයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති, ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහභාගි විය. එහිදී විශ්වවිද්‍යාලයේ උපකුලපති, රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වනු ලැබිය.

පළමු දින සැසිවාරයේ ප්‍රධාන දේශනය දෙස් විදෙස් කීර්තියට පත් ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ සහ සායනික විද්‍යාඥ මහාචාර්ය තිස්ස විජේරත්න OAM MD PhD FRACP FRCP (Edin) FRCP (London) FAHA FAAN FEAN විසින් සිදු කරනු ලැබිය.