ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට පෙළබවීමේ දීමනාව හිමි ගැන්වීම සම්බන්ධව

සැප්තැම්බර් 29, 2024

 ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යාකර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ කරුණු ප්‍රචාරණය වී ඇත.

නමුත්, ආරක්‍ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්ඔවුන් හට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 වන දින දක්වා පමණක් හිමි ගන්වන ලෙසයි.

තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි  යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බැව් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ.