ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 01, 2024

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (විශ්‍රාමික) මැතිතුමා, අද (ඔක්තෝබර් 01) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක සේනා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් අද පස්වරුවේ සිය කාර්‍යාලය වෙත පැමිණි පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නියෝජිත පිරිස සුහද සාකච්ඡාවක ද, නිරත විය. එහිදී, පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් නව ආරක්‍ෂක ලේකම්වරයා වෙත සුභපැතුම් එක් කල අතර, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පාකිස්ථාන රජය සමඟ සමීපව හා සුහදත්වයෙන් කටයුතු කිරීමට තමන් අදහස් කරන බව ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්‍යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් ද, මෙම අවස්ථාවට සහභාගි වූහ.