බංග්ලාදේශයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
ඔක්තෝම්බර් 03, 2024ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු M Moniruzzaman, අද (ඔක්තෝබර් 03) දින ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) හමුවිය.
උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා කොමදෝරු M Moniruzzaman සමඟ සුහද කතාබහක ද, නිරත විය. එහිදී බංග්ලාදේශ ආරක්ෂක උපදේශකවරයා, ආරක්ෂක ලේකම්වරයාගේ නව පත්වීම සම්බන්ධයෙන් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා වෙත සිය සුභාශිංසන එක් කළේය. දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා බංග්ලාදේශ රජය හා ශ්රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලය සමඟ සමීපව මෙන්ම, සුහදත්වයෙන් කටයුතු කිරීම තම අභිප්රාය බව මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවේ සුවිශේෂී බව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද, සිදුකරන ලදි.