අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය
මහජනතාව වෙනුවෙන් විවෘත කෙරේ

ඔක්තෝම්බර් 05, 2024

කොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේදී ආරක්‍ෂක හේතූන් මත වසා තැබීමට කටයුතු කරනු ලැබීය.

වසර 19කට පසු මෙම මාර්ගය ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි ඊයේ (ඔක්.04) දින මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන ලදි.

දැනට එම මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ධාවනය සිදුකෙරෙන අතර, එම කටයුතු අවසන් වූ වහාම අනෙක් පසට දිවෙන කොටසද විවෘත කෙරෙනු ඇත.