ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 08, 2024

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මැතිතුමා අද (ඔක් 08) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.