‘PO LANG’ චීන රුවල් නෞකාව කොළඹ වරායට

ඔක්තෝම්බර් 09, 2024

මහජන චීන විමුක්ති යුද නාවික හමුදා රුවල් පුහුණු යුද නෞකාවක් වන ‘PO LANG’ නිල සංචාරයක් සඳහා ඊයේ (ඔක් 8) දින කොළඹ වාරයට ළඟා වූ බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

කැඩෙට් නිලධාරීන් 35 දෙනෙකු ඇතුළු 130 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රැගත් මීටර් 86 ක් දිග යාත්‍රාව කොළඹ වරායට සේන්දුවීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙරට අතර සුහදත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවකට ‘PO LANG’ නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගීවීමට නියමිතය. ‘PO LANG’ නෞකාව ලබන සිකුරාදා (ඔක් 11) දින දිවයිනෙන් පිටත්වීමට නියමිත බවද එහි සඳහන් වේ.