ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 09, 2024

කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Naoki Kamoshida මහතා අද (ඔක් 09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
 
Kamoshida මහතා සමඟ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් Yuki Yokohari ද ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ජපාන නියෝජිත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගෙන සුහද කතාබහක නිරත විය.
 
මෙහිදි, ආරක්‍ෂක සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳ නිලධාරීන් දෙදෙනා අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාවයද සිහිපත් කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ Kamoshida මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.