විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 09, 2024

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් අභිනවයෙන් පත් වූ එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) අද (ඔක් 9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මුලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා එයාර් වයිස් මාර්ෂල් හේරත් (විශ්‍රාමික) සමඟ සුහද කතාබහක නිරත වූ අතර, නව පත්වීම සම්බන්ධයෙන් ඔහු වෙත සුභාශිංසන එක් කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) USP, MSc (Def Stu) in Mgt, BSc (Def Stu),AEC, SEMOC, DQM, GREENSL(AP), MIM (SL) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයේ පසුගිය සතියේ (ඔක් 4) වැඩ භාර ගන්නා ලදි.