ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 09, 2024

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Paul Stephens මැතිතුමා අද (ඔක් 09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston ද ඔස්ට්‍රේලියානු තානාපතිවරයා සමඟ පැමිණ සිටියේය. එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) ඔස්ට්‍රේලියානු නියෝජිත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඔවුන් සමග සුහද කතාබහක නිරත විය.

මෙම හමුවේදී දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන සබඳතාවයන් ද සිහිපත් කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.