චීන තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 11, 2024

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති, අතිගරු Qi Zhenhong මැතිතුමා අද (ඔක් 11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) චීන තානාපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් තානාපතිවරයා සමඟ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් Zhou Bo ද චීන තානාපතිවරයා සමග පැමිණ සිටියේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.