ඉන්දීය උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලා ආයතනයේ
දූත පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 14, 2024

මෙරටට පැමිණ සිටින ඉන්දීය උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලා ආයතනයේ කපිතාන් Vaibhav Janbandhu ප්‍රමුඛ දූත පිරිස අද (ඔක්. 14) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි සංචාරක ඉන්දීය දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Mandeep Singh Negi ද මෙම අවස්ථාවට එක් වූහ.

ඉන් අනතුරුව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී, ඉන්දීය දූත පිරිස සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් නදීක කුලසේකර අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණින් කෙටි සංවාදයක් ද පවත්වනු ලැබීය.