ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 16, 2024

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා අද (ඔක්. 16) දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් මේජර් ජෙනරල් යාපා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ගුණාත්මකභාවය ඉහල නැංවීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් සුහද සාකච්ඡාවක ද නිරත විය.