ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ
දුත පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 21, 2024

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන ආයතනය නියෝජනය කරමින් මෙරට නිල සංචාරයක නිරතව සිටින කර්නල් Lara Terese Troy ප්‍රමුඛ දුත පිරිස අද (ඔක්. 21) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ඕස්ට්‍රේලියානු දුත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද සහභාගි වූහ.

ඉන් අනතුරුව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී, ඕස්ට්‍රේලියානු දූත පිරිස සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධතා නිලධාරී (ශ්‍රී ලංකා යුද හමුදාව) කර්නල් ප්‍රියංග ජයසූරිය සමඟ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණින් කෙටි සංවාදයක් ද, පවත්වනු ලැබීය.