‘INS Kalpeni’ යුධ නෞකාව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ඔක්තෝම්බර් 21, 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kalpeni (T-75) වේග ප්‍රහාරක යාත්‍රාව, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පසුගිය සෙනසුරාදා (ඔක්. 19) දින කොළඹ වරායට සේන්දු විය.

කොළඹ වරාය වෙත පැමිණි මෙම ඉන්දීය යුධ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගනු ලැබූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කල මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

දිගින් මීටර් 49ක් වන Car Nicobar පන්තියට අයත් මෙම වේග ප්‍රහාරක යාත්‍රාවේ නැව් මුළුව 70 දෙනෙකුගෙන් සමන්විතය.

එම කාර්ය මණ්ඩලය මෙරට රැඳී සිටින කාලය අතරතුර, දිවයිනේ සංචාරක ආකර්ශනීය ස්ථාන කිහිපයක් ද නැරඹීමට නියමිත අතර එළඹෙන ඔක්. 21 දින නෞකාව පිටත්වීමට නියමිත බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.