යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘ජෙනරාල්’ තනතුරට උසස් කෙරේ

දෙසැම්බර් 28, 2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව මීට සුළු මොහොතකට පෙර (දෙසැම්බර් 28) ‘ජෙනරාල්’ තනතුරට උසස් කර ඇත.

ජෙනරාල් සිල්වා මහතා, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තම මව්බිමට සාමය උදාකරලීමට දැක්වූ ඉමහත් දායකත්වය සහ ඉන් පසුව සිදුකරන ලද විශිෂ්ඨ සේවය මෙම නිල උසස් වීම සදහා සාක්ෂියකි.