ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 23, 2024

ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ජනරජ තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් අතිගරු Masood Imad මැතිතුමා අද (ඔක්. 23) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් තම කාර්යාලය වෙත පැමිණි මාලදිවයින් තානාපතිතුමා ඇතුළු දුත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය. මෙහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරනු ලැබිය.

මෙම අවස්ථාවේ වැදගත්කම සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Hassan Amir ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.