ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පවත්වනු ලබන වෛද්‍ය සායනය මෙවරත්
ඔක්තෝම්බර් 24, 2024ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධායකත්වයෙන් වාර්ෂිකව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පවත්වනු ලබන වෛද්‍ය සහ දන්ත සායනය පසුගිය සඳුදා (ඔක්. 21) දින පවත්වන ලදි. මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ ගරුතර මහා සංඝරත්නය, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ එම විහාරස්ථාන කාර්ය මණ්ඩලය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී අඛණ්ඩව 6 වැනි වරට මෙම සෞඛ්‍ය කඳවුර පැවැත්වුණු බව ගුවන් හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.
එහිදී අක්ෂි රෝග, නිදන්ගත රෝග, චර්ම රෝග, විකිරණවේදය, ශල්‍යකර්ම, ප්‍රසව හා නාරිවේද, විකලාංග ආදී විවිධ රෝගාබාධයන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියයකට අධික වෛද්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල පිරිසකගේ දායකත්වයෙන්, හත්සියයකට අධික බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩලය සඳහා මෙමගින් වෛද්‍ය සේවා සපයන ලදී. තවද වෛද්‍ය සහ දන්ත ප්‍රතිකාර වලට අමතරව නොමිලේ ඖෂධ ලබා දීම, රසායනාගාර සේවා, ECG සහ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණ, භෞතචිකිත්සක ප්‍රතිකාර සහ බෝ වන රෝග නිවාරණය සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දීමද මෙහිදී සිදු කරනු ලැබිය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ මඟපෙන්වීම සහ ගුවන් හමුදා අධ්යක්ෂ ජෙනරාල් (සෞඛ්‍ය සේවා) එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර (වෛද්‍ය) ගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම සායනය පැවැත්විණි.