රණක්ෂිතයට පත් රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ගේ
වාහන සඳහා විශේෂ ප්‍රමුඛතා ස්ටිකරයක්
ඔක්තෝම්බර් 28, 2024
අප මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අභීතව සටන් වැද රණක්ෂිතයට පත් රණවිරුවන් රජයේ ආයතන වෙත ගමන් කිරීමේ දී දුර බැහැර ස්ථානවල සිය වාහන ගාල් කර එකී ආයතන කරා සහයක උපකරණ භාවිතාකර පා ගමනින් ගමන් කිරීමේදී ඔවුන් මහත් අපහසුතාවයට පත්වෙනු ලබයි.
ඔවුන් වෙත සිදුවන මෙම අපහසුතාවයන් පිළිබඳ සලකාබලා එම දුස්කරතාවයන් වළක්වා ගැනීමේ අරමුනින් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙත හා දිවිපිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් වෙත රාජ්‍යය ආයතන වෙත පිවිසේමේදී රථවාහන ගාල්කර තැබීම සඳහා ප්‍රමුඛතාවය සලසා දීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත රණවිරු සේවා අධිකාරිය විසින් විශේෂිත ස්ටිකරයක් නිර්මාණය කර ඇත.
එබැවින්, මෙම විශේෂිත ස්ටිකරය ප්‍රදර්ශනය කරන රථ වාහන සදහා ප්‍රමුඛත්වය ලබාදී ඔවුන්ගේ පරිත්‍යාගය සහ ආබාධිත තත්ත්වය පිළිගනිමින් ඔවුනට කෘතගුණ දැක්වීමට කාරුණිකව වෙන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.
මෙම ප්‍රමුඛතා ස්ටිකර් පත හදුන්වාදීම හා සමාරම්භය සනිටුහන් කරමින් බස්නාහිර පළාතේ රණක්ෂිත තත්ත්වයට පත් රණවිරුවන් දෙදෙනෙකු වෙත තිළිණ කිරිම 2024.10.16 වන බදාදා දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී සිදුකරන ලදි.