ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය
ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 29, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහත්මිය අද (ඔක්. 29) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වූ අතර, අනතුරුව දෙපාර්ශවයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක ද නිරත වුහ.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ප්‍රංශ නියෝජිතවරිය උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම සාකච්ඡාවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටටම අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂාව භාර ප්‍රංශ හමුදා තාක්‍ෂණික සහයෝගීතා නිලධාරි, කොමාණ්ඩර් Jean-Baptiste Trouche ද සහභාගී විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.