ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට
ඔක්තෝම්බර් 31, 2024
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (ඔක්. 30) දින හෝමාගම, පිටිපන පිහිටි ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉමල් අස්සලාරච්චි විසින් ආරක්ෂක ලේකම්වරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම මධ්‍යස්ථානය යටතේ ඇති මෙහෙයුම්, එහි ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරි සැලසුම් පිළිබඳව නිරීක්ෂණය කල අතර, එහිදී ව්‍යාපෘති භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් යුධමය වශයෙන් වැදගත් අධි තාක්ෂණික උපකරණ ද, ඇතුළුව මේ වන විට පර්යේෂණ සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කළේය.
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ප්රදානය කරන ලදි.
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අන්තර්ජාතික මට්ටමේ විද්‍යා හා තාක්ෂණ පදනමක් ස්ථාපිත කිරීමේ දැක්මක් සහිතව ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී පද්ධති සහ නව නිර්මාණ හරහා හමුදාවන් ශක්තිමත් කරමින් ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්නා ආයතනයක් වේ. මෙම ආයතනය ආරක්ෂක නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ බෙදාහැරීම අරමුණු කොට ගනිමින් රටට ලාභදායී සහ නව්‍ය විසඳුම් ලබා දීමේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.