ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 05, 2024

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මැතිතුමා අද (නොවැ 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක ද නිරත විය.

එහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගි විය.