බංගලාදේශ මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 06, 2024

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අතිගරු Andalib Elias මැතිතුමා අද (නොවැ 06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණි බංගලාදේශ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන සුහද කතාබහක නිරත විය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම් මොනිරුස්සමාන් (Commodore M Moniruzzaman) ද සහභාගී විය.