ආරක්ෂක ලේකම් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් සඳහා
දේශනයක් පවත්වයි
නොවැම්බර් 07, 2024
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (නොවැ 07) දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් හට කාලීනව වැදගත් කරුණු රාශියක් පිළිබඳ දේශනයක් පවත්වමින් සිය අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගත්තේය.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ආරාධනයෙන් මෙම වාර්ෂික දේශනය සඳහා අද පෙරවරුවේ පැමිණි ආරක්ෂක ලේකම්වරයාව විද්‍යායතනයේ සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා විෂය මාලාවේ එක් කොටසක් ලෙස මෙම දේශන සැසි වාරය පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ කාලීන ජාතික ආරක්ෂක අභියෝග හමුවේ ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය යන තේමාව යටතේ එහිදී ආරක්ෂක ලේකම්වරයා සිය දේශනය පවත්වන ලදී.
ජාතික ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය ශිල්පය, පරිපාලනය, රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර ආරක්ෂාව යන ක්ෂේත්රවල අනාගත ප්‍රතිපත්ති සම්පාදකයින් සංවර්ධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපාය මාර්ගික අධ්‍යාපන ආයතනය ලෙස 2021 වසරේදී ජාතික ආරක්ෂක විද්‍යායතනය ආරම්භ කරන ලදී.
මෙම දේශනය අවසානයේ එම අවස්ථාව සනිටුහන් කරමින් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනාවිධායක විසින් ආරක්ෂක ලේකම් වෙත සමරු තිළිණයක්ද ප්රදානය කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.