ඇමරිකානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
නොවැම්බර් 07, 2024
ඇමරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ Admiral (Retd) Harry Harris ප්රමුඛ නියෝජිත පිරිසක් අද (නොවැ 07) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි ඇමරිකානු දුත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ සාමාජිකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද, සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ද, සහභාගි විය.
ඉන් අනතුරුව, එක්සත් ජනපද නියෝජිත පිරිස ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් නදීක කුලසේකර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මයුරි පෙරේරා සමඟ ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී තොරතුරු හුවමාරු කර ගැනීමේ කෙටි සංවාදයක් ද, පවත්වනු ලැබීය.