මාධ්‍ය නිවේදනයයි
නොවැම්බර් 07, 2024- ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීම සම්බන්ධවයි
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා 2024.10.06 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව සිවිල් පුද්ගලයින් හට මෙම අමාත්‍යාංශය මගින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් බලපත්‍ර සහිත ගිනි අවි 2024.11.07 දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙස දැනුවත් කරන ලදි.
නමුත්, දැනට විදෙස්ගතව සිටින බලපත්‍රලාභීන් වැනි විවිධ පාර්ශවයන් මෙම අමාත්‍යාංශය වෙතින් සිදුකරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් හා බලපත්රලාභීන්හට ගිනි අවි සහ පතරොම් භාරදීම සම්බන්ධව ලිපි මගින් දැනුම්දීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් එකී කාලසීමාව 2024.11.07 දින සිට 2024.11.21 දක්වා දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳව සියලුම බලපත්‍රලාභින්ට ලිඛිතව දැනුම් දීමට ක්‍රියා කරන ලද බවත්, ආරක්ෂක අමාත්‍යාංශය මින් නිවේදනය කර සිටී.