වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 08, 2024

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ බ්‍රහස්පතින්දා (නොවැ 07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මෙම නිලධාරීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.