INS Vela’ ඉන්දීය සබ්මැරිනය නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණේ
නොවැම්බර් 11, 2024ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ (නොවැ. 10) දින උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Vela’ සබ්මැරීනය නැව් මුළුව 53 ක ගෙන් සමන්විත වන අතර, දිගින් මීටර් 67.5 ක් වේ.
දිවයිනේ රැඳී සිටින කාලය අතරතුර, එහි කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිත අතර, එළඹෙන නොවැ. 13 වන දින එය කොළඹින් පිටත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.