ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන් ලූස් සහ ද සොයිසා අභියෝග
කුසලාන විසිරයාමේ පෙළපාලිය රන්ටැඹේ දී
නොවැම්බර් 11, 2024
ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන් ලූස් සහ ද සොයිසා අභියෝග කුසලාන 2024 විසිරයාමේ පෙළපාලිය රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා (නොවැ. 10) පැවැත්විණි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බව යුද හමුදා මාධ්‍ය වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යභටයන් විධිමත් ක්‍රියාශීලි නායකයන් ලෙස පුහුණු කිරීමේ කාර්යභාරයට උරදෙන ජාතික ශිෂ්‍යභට බලකාය, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ආරක්ෂක අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් උත්සවයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ඔහු වෙත සම්මාන මුරයක්ද පිරිනමන ලදී. ඉන් අනතුරුව යුද හමුදාපතිවරයා විසින් ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ සහතිකපත් ප්රදානය සිදුකරන ලද බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.
යුද හමුදා මාධ්‍ය වාර්තාවට අනුව කොළඹ 10 ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් 2024 වර්ෂයේ දිවයිනේ දක්ෂතම ඛණ්ඩය සඳහා වන හර්මන් ලූස් කුසලානය හිමිකර ගත් අතර, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය කාන්තා අංශයේ හොඳම ඛණ්ඩය සඳහා වන ද සොයිසා කුසලානය දිනා ගැනීමට සමත්විය.
පූජ්‍ය පක්ෂය, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, බංග්ලාදේශ ආරක්ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශ්‍රාමික යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, ශිෂ්‍යභට නිලධාරීන් සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.