COSATT හි අධ්යක්ෂ ආරක්ෂක ලේකම් හමුවෙයි
නොවැම්බර් 13, 2024Consortium of South Asian Think Tanks (COSATT) හි අධ්යක්ෂ ආචාර්ය Nishchal N. Pandey අද (නොවැ 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණි ආචාර්ය පාණ්ඩේ ඉතා උණුසුම් අයුරින් පිළිගත් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඔහු සමඟ සුහද කතාබහක නිරත විය. පසුගිය අඟහරුවාදා (නොවැ. 12) දින කොළඹ හිල්ටන් හිදී එළිදැක්වූ “Labour Migrants from South Asia: Issues and Concerns” ග්‍රන්ථයේ පිටපතක් ද මෙම අවස්ථාවේ ආචාර්ය පාණ්ඩේ විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ප්රදානය කෙරිණි.
සාකච්ඡාව අතරතුර, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (INSS) සමඟ ඉදිරියේදීත් සහයෝගීව කටයුතු සිදු කිරීමට තමා බලපොරොත්තු වන බව ආචාර්ය පාණ්ඩේ යළි අවධාරණය කළේය.
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්යක්ෂ (පර්යේෂණ) ද මෙම අවස්ථාවට සහභාගී විය.