SAMIDARE නෞකාව කොළඹ වරායට පැමිණෙයි
නොවැම්බර් 18, 2024ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත්, SAMIDARE නෞකාව නිළ සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (නොවැ 17) කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව, පැමිණි නෞකාව පිළිගනු ලැබූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍යය විසින් වාර්තා කරන ලදී.
දිගින් මීටර් 151ක් වන මෙම නෞකාව කාර්ය මණ්ඩලයේ 199 දෙනෙකුගෙන් සමන්විත වේ.
නෞකාව කොළඹ රැඳී සිටින කාලය තුළදී, කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනේ සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීමට අපේක්‍ෂා කරන අතර, නොවැම්බර් 19 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්ව යනු ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.