එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යලිත් වරක් පත් කෙරේ.
නොවැම්බර් 19, 2024
පසුගියදා පත් වූ නව රජය යටතේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අද (නොවැ 19) දින යළිත් පත් කරනු ලැබීය.
නව ආරක්‍ෂක ලේකම් ධූරය, අග්‍රාමාත්‍ය ලේකම් ධූරය, කැබිනට් ලේකම් ධූරය ඇතුළුව අමාත්‍යාංශ 16 ක් සඳහා ලේකම්වරුන් පත්කිරීම අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තවද, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් මුල් වරට පත් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 23 දිනයේදීය.