ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජාත්‍යන්තර සංක්‍රමණික
සංවිධානයේ ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 20, 2024

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී Kristin B. Parco මහත්මිය අද (නොවැ 20) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා සහ මෙම දූත පිරිස සුහද සාකච්ඡාවක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ජාතික බුද්ධි ප්‍රධානී ද එක්විය.