සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ රෝහල් වලින් පිටව යයි

දෙසැම්බර් 30, 2020

අද (දෙසැම්බර් 30) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 42,062 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 04 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 249 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 114 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 30) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 38,321 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 31,167 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඊයේ (29) දින තවත් PCR පරීක්‍ෂණ 8,668 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 337 ක් වන අතර, ඒ අතුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 305 දෙනෙකු, කටාර් සිට 07 දෙනෙකු සහ 25 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 33,924 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,943 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 75 ක් යටතේ පුද්ගලයින් 5,362 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 704 කි.

පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගොස් තිබේ.