මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ආරක්‍ෂක නියෝජ්‍ය
අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනී

නොවැම්බර් 25, 2024

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී අද (නොවැ 25) දින වැඩ භාර ගන්නා ලදී. එහිදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහභාගීත්වය මෙම අවස්ථාවට සුවිශේෂීත්වයක් ගෙන දුන් අතර ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
 
අතිගරු ජනාධිපතිතුමා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැ 21) මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය.

මහජන ආරක්‍ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතනවල අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.