ආරක්‍ෂක අමාත්‍යංශ සුභසාධක සංගමය සංවිධානය කරනු ලැබූ වාර්ෂික ලේ දන්දීමේ ව්‍යාපාරයේ දි අමාත්‍යාංශ කාර්ය
මණ්ඩලය රුධිරය පරිත්‍යාග කරයි
නොවැම්බර් 29, 2024
ආරක්‍ෂක අමාත්‍යංශයේ සුභසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දිමේ වැඩසටහනක් අද (නොවැ 29) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදි සිදු කරනු ලැබූ අතර, එහිදි අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
මීට සමගාමීව වෛද්‍ය උපදේශකයෙකු විසින් රුධිරය පරිත්‍යාග කිරිමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරිම සඳහා දේශනයක් ද පැවැත්විය.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය නිලධාරින් පිරිසකගේ සහයෝගයෙන් මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරන ලදි.