නිරෝධායනය අවසන් කල සිවිල් වැසියන් 63 දෙනෙකු පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි

දෙසැම්බර් 30, 2020

ඩුබායි සහ අබුඩාබි සිට මෙරටට පැමිණි සිවිල් වැසියන් 63 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පලාලි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කිරීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 29) දින ඔවුන්ගේ නිවෙස් කරා පිටව යන ලදි.

තවදුරටත් දින 14 ක කාලයක් නිවෙස් තුල ස්වයං නිරෝධායනය වන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.