ආරක්‍ෂක අමාත්‍යාංශය ‘2023 රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව
සහ ගිණුම්’ සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගනී

දෙසැම්බර් 03, 2024

2023 රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම්’ සඳහා වන ලෝකඩ සම්මානය අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශය සමත් වී ඇත.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය යටතේ රාජ්‍ය අංශය සඳහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (Association of Public Finance Accountants of Sri Lanka ) විසින් මෙම සම්මානය පිරිනමා ඇත.