නිරෝධායනය අවසන් කල සිවිල් වැසියන් 159 දෙනෙකු ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි

දෙසැම්බර් 30, 2020

ඉන්දියාව, තුර්කිය, කටාර් සහ අබුඩාබි යන රටවල සිට මෙරටට පැමිණි සිවිල් වැසියන් 159 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඉරණමඩු පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කිරීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 29) දින ඔවුන්ගේ නිවෙස් කරා පිටව යන ලදි.

තවදුරටත් දින 14 ක කාලයක් නිවෙස් තුල ස්වයං නිරෝධායනය වන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.