2024 වර්ෂය සඳහා වන මොළය ආශ්රිත රෝග නිවාරණ සෞඛ්‍ය සතියේ ‘උපදේශක දිනය’ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී
දෙසැම්බර් 19, 20242024 වර්ෂය සඳහා වන මොළය ආශ්රිත රෝග නිවාරණ සෞඛ්‍ය සතියේ ‘උපදේශක දිනය’ අද (දෙසැ 19) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍ය ගරු. වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක් විය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් උත්සවයට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබිය.
මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ගෝලීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ සන්ධිස්ථානයක් ලෙස හඳුනාගනිමින්, Global Patient Advocacy Coalition (GPAC) ආයතනය ප්රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සෞඛ්‍ය සතිය 2024 දෙසැම්බර් 16 සිට 20 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ගෝලීය වශයෙන් සැලකීමේදී ස්නායු රෝගවලට දැවැන්ත බලපෑමක් ඇති කිරීමට හේතු වී තිබෙන මොලය ආශ්රිත රෝග අවම කිරීම සඳහා රෝග නිවාරණය, අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර සැලසීම සහ අවදානම් අවම කිරීම යන ප්‍රධාන සාධක වල අවශ්‍යතාව හඳුනාගනිමින් මෙම නිවාරණ සෞඛ්‍ය සතිය මොළය ආශ්රිත රෝග නිවාරණය කෙරෙහි අවධානය යොමු කර තිබිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් එක්ව සිටියහ.