ජාතික ශිෂ්‍යභට බළකායේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දෙසැම්බර් 20, 2024

ජාතික ශිෂ්‍යභට බළකායේ නියෝජිත පිරිසක් පසුගියදා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවී මේවන විට ජාතික ශිෂ්‍යභට බළකාය විසින් සිදුකරන අඛණ්ඩ ක්‍රියාකාරකම්, එහි ජයග්‍රහණ සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාවේදී, ජාතික ශිෂ්‍යභට බළකාය වෙත තරුණ ප්‍රජාව සම්බන්ධ වීම ප්‍රමාණාත්මකව ඉහල නැංවීම, දැනට ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරීම මෙන්ම, ප්‍රජා සංවර්ධනය සහ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සඳහා වන ඔවුන්ගේ ඉලක්ක පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළහ.

ජාතික ශිෂ්‍යභට බළකාය විසින් සිදු කරනු ලබන මෙහෙය නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වූ අතර, තරුණ පුරවැසියන් අතර දේශප්‍රේමය, නායකත්වය සහ විනය පෝෂණය කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරයේ වැදගත්කම අවධාරණය කළේය. අනාගත නායකයන් සූදානම් කිරීම සහ සාමූහික ක්‍රියාකාරකම් තුළින් ජාතියේ තාරුණ්‍යය ශක්තිමත් කිරීම සඳහා වූ හවුල් කැපවීම මෙම හමුව ඔස්සේ යලිත් තහවුරු විය.