ගංවතුර හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවන ජලගැලීම් පාලනය කෙරෙහි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අවධානය

දෙසැම්බර් 20, 2024

කොලොන්නාව ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවිම සම්බන්ධයෙන් පවතින ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව මැතිවරණ කොට්ඨාසය සඳහා යෝජිත ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ජාවක් පැවැත්විණ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ අදාළ විෂය හා සම්බන්ධව කටයුතු කරන අනෙකුත් වගකිවයුතු ආයතනවල නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වුහ.

එකී ගැටලුව විසඳීම සඳහා මේවන විට සිදුකොට ඇති මුලපිරීම්වල සඵලතාවයන් ඇගයීම මෙන්ම කලාපයේ පවතින දිගුකාලීන ගංවතුර ගැටළු අවම කිරීමේ උපාය මාර්ග සමඟ මෙම ක්‍රියාවලිය පෙළගැස්වීම සහතික කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.