"Cloud Sentinel 2024" වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වේ
දෙසැම්බර් 20, 2024ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මගපෙන්වීම යටතේ ආරක්ෂක සයිබර් විධානය විසින් ‘Cloud Security Alliance Sri Lanka Chapter’ සමඟ එක්ව "Cloud Sentinel 2024" වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්ර ශ්‍රවණාගාරයේදී 2024 දෙසැ මස 19 වන දින සාර්ථකව පවත්වන ලදි.
මෙම වැඩමුළුවේදී ආරක්ෂක සයිබර් විධානය භාර අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ධම්මික විදානලගේ ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ Colombo Security Conclave (CSC) එකමුතුවෙන් නවීන ආරක්ෂක සහ ජාතික ආරක්ෂක උපාය මාර්ග තුල ‘‘Cloud Security Adaptation’’ හී වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරන ලදි. තවද, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට CSASL හි සභාපති නෙරංජන් දිසානායක මහතාද නොමද දායකත්වය හා මගපෙන්වීම ලබාදෙන ලදි.
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ඔහුගේ ප්‍රධාන දේශනයේදී සංවේදි තොරතුරු ආරක්ෂා කිරීම සහ ආරක්ෂක අංශයේ මෙහෙයුම් හැකියාවන් ඉහළ නැංවීම සඳහා Secure Cloud Frameworks සම්බන්ධ තීරණාත්මක කාර්යභාරය පිළිබඳ අවධාරණය කරන ලදි.
Cloud Sentinel 2024 වැඩසටහනේදී පහත මාතෘකා යටතේ ඉදිරිපත් කිරිම් සිදුකරන ලදි.
01. “AI-Powered Cyberattacks and the Rise of Autonomous Threats” (ආරක්ෂක සයිබර් විධානයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ධම්මික විදානලගේ)
02. “Collaborative Threat Intelligence: Sharing Insights and Strengthening Defences” (ලක්මාල් ඇඹුල්දෙණිය මහතා)
03. “Shifting Left with Dev Sec Ops: Building Security into the Development Lifecycle” (SLASSCOM හි විශේෂඥයෙකු වන චමිල් ජීවන්ත මහතා)
04. “Advanced Application Security: Protecting Against Modern Web and Mobile Threats” (ෂමිල වඩුතන්ත්‍රි මහතා)
05. "Achieving Continuous Cloud Security with CSPM" (ලසන්ත ප්‍රියංකර මහතා)
06. "Decoding Cloud Privacy: Building Confidence in Cloud" (මොහාන් චතුරංග මහතා)
07. “Cloud security legal framework” (සමගි රාජකරුණා මහතා)
08. “Building a Sovereign Cloud Security Ecosystem for Emerging Nations in the Digital Age” (චමත් මාලිංග මහතා)
CSC රටවල සමාජීකයින් නියෝජනය කරමින් මෙම වැඩමුළුවට සම්බන්ධ වූ අතර, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති විවිධ සංවිධානවල නියෝජිතයින්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ CSASL හි නියෝජිතයින්ද, සහභාගී විය. එහිදි සාමූහික ආරක්ෂක පියවරයන් ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ ක්‍රියාවලියක් ලෙස වැඩමුළුවේ කාර්යභාරය වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
තවද, සයිබර් ආරක්ෂාව නගාසිටුවීම සහ වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ දූරදර්ශී නායකත්වය, නොසැලෙන කැපවීම මෙම වැඩමුළුව මගින් අවධාරණය කරන ලදි. එහිදී ‘‘Cloud Sentinel 2024’’ වැඩසටහනේදී ජාතික සහ කලාපීය ආරක්ෂාව සඳහා හේතුවන කරුණු පිලිබඳවද විශේෂ අවධානයක් යොමු කරන ලදි.