ICGS Vaibhav කොළඹ වරායට සේන්දු වේ
දෙසැම්බර් 24, 2024නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය සඳුදා (දෙසැ 23) සවස ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන (ICGS) Vaibhav හි සංචාරයකට එක්විය.
ගැඹුරු මුහුදු නිරීක්ෂණ මුර යාත්‍රාවක් වන ICGS Vaibhav නෞකාව පසුගිය සඳුදා ඉන්දියානු සාගර කලාපය හරහා සිදුකරන සංචාරයක දී කොළඹ වරායට සේන්දු විය.
මෙම නෞකාවට පැමිණි මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) නෞකාවේ අණදෙන නිලධාරී, Commandant Navtej Singh Soha විසින් පිළිගන්නා ලද අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සඳහා වන පොදු අභියෝගවලට කාර්යක්ෂමව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහාත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, සමුද්‍රීය සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහාත් මෙම ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවේ සංචාරය වැදගත්වේ.
නැවේ සංචාරය සනිටුහන් කරමින් නෞකාවේ අණදෙන නිලධාරී විසින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්රදානය කරන ලදි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද සහභාගී විය.