අභිනව නාවික හමුදාපතිවරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 31, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද (දෙසැ 31) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

වයිස් අද්මිරාල් බානගොඩ නාවික හමුදාපතිවරයා වශයෙන් නව පත්වීම් ලැබීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා සමඟ සිදුකළ පළමු නිල හමුව මෙය විය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් වයිස් අද්මිරාල් බානගොඩ වෙත නව පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව විශිෂ්ඨත්වය කරා ගෙන යාම සඳහා දක්වනු ලබන නායකත්වය පිළිබඳව තම විශ්වාසය පළ කළේය.

වයිස් අද්මිරාල් බානගොඩ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ඊයේ (දෙසැ 30) දින නිල පත්වීම් ලිපිය ලබා ගත්තේය.