ඊයේ (30) දින තවත් PCR පරීක්‍ෂණ 12,926 ක් - කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

දෙසැම්බර් 31, 2020

අද (දෙසැම්බර් 31) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 639 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 42,701 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 03 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 133 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 190 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 89 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 224 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 31) ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 38,957 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 31,865 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (30) දින තවත් PCR පරීක්‍ෂණ 12,926 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන මෙරටට කටාර් සිට පුද්ගලයින් 38 දෙනෙකු පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 34,622 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,880 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 76 ක් යටතේ පුද්ගලයින් 5,588 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 698 කි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 04 ක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබේ.